2011-12-30

උසස් පෙළ ප‍්‍රතිඵල ගැටලූවට විරෝධය දක්වා උද්ඝෝෂණයක්

අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීමේදී සිදු වූ ගැටලූකාරී තත්වයට විරෝධය පළ කරන උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද දිනයේද පැවැත්වෙනවා. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධාන කරන එම උද්ඝෝෂණය පැවැත්වෙන්නේ මාතර බස් නැවතුම් පොළ ඉදිරිපිටදීයි.
උසස් පෙළ ප‍්‍රතිඵල හේතුවෙන් අසාධාරණයට ලක් වූ මාතර දිස්ති‍්‍රක් සිසු සිසුවියන් ඊට එක්වන බවයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ප‍්‍රකාශ කළේ.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් එම බලමණ්ඩලය පෙන්වා දෙන්නේ උද්ගත වු ගැටලූ සහගත තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කිරීම හාස්‍යයට කරුණක් බවයි. උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අත්හිටුවා යළි ප‍්‍රතිඵල නිකුත් කිරීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කළ යුතු බවයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.