2011-12-25

අපක්ෂපාතී පරීක්‍ෂණයක් පවත්වනවා

සිරිකොත ප‍්‍රහාරය සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරික්‍ෂණයක් පවත්වන බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. එහි සභාපති ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරු ජයසූරිය මහතා ඊයේ කළ ප‍්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින්. ජයසූරිය මහතා පැවසුවේ ප‍්‍රහාරය සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරික්‍ෂණයක් සිදුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරික්‍ෂණ ක‍්‍රියාත්මකයි. සාක්‍ෂිමත ඔවුන් අත්අඩංගුවට ගන්නා බව මිරිහාන පොලිසිය ප‍්‍රකාශ කළා. ප‍්‍රහාරයෙන් සිදුව ඇති අලාභය මෙතෙක් ගණනය කර නැහැ. එහෙත් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මෝටර් රථයට පමණක් සිදුව ඇති අලාභය රුපියල් ලක්‍ෂ 06ක් වන බවයි පොලිසිය ප‍්‍රකාශ කරන්නේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.