2011-12-28

ගල්ගමුවේ අන්ධ දළ පූට්ටුවාට නැවතත් වෙඩි

ගල්ගමුවේ අන්ධ දළ පූට්ටුවා ලෙස හැඳින්වෙන ඇතාට කිසියම් පිරිසක් විසින් යළි වෙඩි තබා තිබෙනවා. වනජීවි දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
වෛද්‍ය තාරක ප‍්‍රසාද් මහතා පැවසුවේ මෙම ඇතාගේ හිසට වෙඩි වැදීමෙන් තුවාල සිදුව ඇති බවයි. පසුගිය දා කැකිරාව, ගල්ගමුව ප‍්‍රදේශයේ දී කලහාකාරී ලෙස හැසිරුණු මෙම අන්ධ දළ පූට්ටුවා කලා වැව ප‍්‍රදේශයට පලවා හැරුණා. එහිදී එම ඇතාගේ පාදවල තිබු වෙඩි වැදුණු තුවාලවලට ප‍්‍රතිකාර සිදුකළ බවයි වෛද්‍ය තාරක ප‍්‍රසාද් මහතා පැවසුවේ. ඉන් සුව ලැබු අන්ධ දළ පූට්ටුවා යළි ගල්ගමුව ප‍්‍රදේශයට පැමිණෙමින් සිටිය දී මෙලෙස වෙලි ප‍්‍රහාරයට ලක්ව තිබෙනවා. කිසියම් පිරිසක් අන්ධ දළ පූට්ටුවාගේ දළ ලබා ගැනීමේ අරමුණින් මෙලෙස වෙඩි තබන්නට ඇති බවයි වනජිවි දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.