2011-12-31

ආබාධිත තැනැත්තන්ට ස්වයං රැුකියා ආධාරය වැඩි කෙරේ

ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් පිරිනමන ස්වයං රැකියා ආධාර වැඩි කිරීමට සමාජ සේවා අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. දැනට පිරිනමන ආධාරය එක් අයෙකු සඳහා රුපියල් දසදහසක්. හෙටින් ආරම්භ වන නව වසරේ සිට එය රුපියල් 25,000 ක් දක්වා
වැඩි කරන බව ආබාධිත පුද්ගලයින් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ අධක්‍ෂ එම්.ඞී.සී ජයමාන්න මහතා SLM News වෙත ප‍්‍රකාශ කළා. මේ අතර අඩු ආදායම්ලාභීන් සඳහා පිරිනමන රුපියල් 3000 ක මාසික ජීවනාධාරයට හිමිකම් ලබන ආබාධිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට ද නියමිතයි. දැනට එම ජිවිතාධාරයට හිමිකම් ලබන්නේ එක් ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකින් 06 දෙනකු පමණක් බව එම්.ඞී.සී ජයමාන්න මහතා ප‍්‍රකාශ කළා. නව වසරේ දී එය 34 ක් දක්වා වැඩි කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.