2011-12-29

ධීවරයන් සුරක්ෂිතයි

තේන් සුළි කුණාටුවට හසුවීමේ අවදානමට මුහුණ දුන් ධීවර යාත‍්‍රා 3 ක ධීවරයින් මේ වන විට නිරුපද්‍රිතව සිටින බවට තොරතුරු හෙළිව ඇතැයි නාවික හමුදාව පවසනවා. නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසුවේ පේදුරුතුඩුවට නාවික සැතපුම් 300ක් ඊසාන දෙසින් මෙම යාත‍්‍රා ගමන් කරමින් තිබෙන බවයි. දිවයිනට උතුරු මුහුදු කලාපයේ වර්ධනය වූ සුළි කුණාටුව හේතුවෙන් මෙම යාත‍්‍රාවල ගමන් ගත් ධීවරයින් අවදානමට ලක්ව සිටියා. ධීවර යාත‍්‍රා ගමන් කරමින් තිබූ ප‍්‍රදේශය හරහා සුළි කුණාටුවේ ගමන් මාර්ගය වැටී තිබීම ඊට හේතුවයි. කෙසේ වෙතත් මේ වන විට අදාළ අවදානම් කලාපයෙන් ඔබ්බට එම යාත‍්‍රා ගමන් කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ. එහි සිටින ධීවරයින් සමග රේඩියෝ තරංග සන්නිවේදනයෙන් එය තහවුරු කර ගත් බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා.
මේ අතර ‘‘තේන්’’ සුළි කුණාටුව මේ වන විට පවතින්නේ උතුරු ප‍්‍රදේශයට කිලෝමීටර් 300 ක් ඔබ්බෙන්.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.