2011-12-25

ජනවාරියේ සිට අධීවේගයෙන් ගාලූ යන්න මගීන්ට අවසර

ජනවාරි මස 01 වැනිදා සිට දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනයට අවසර ලබා දෙන බව මහා මාර්ග අමාත්‍යංශය පවසනවා. මෙම මාර්ගය විවෘත කිරිමත් සමග බස් රථ ධාවනය ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණා. එහෙත් සුදුසු බස් රථ නොමැති වීම සහ රියදුරන්ට විධිමත් පුහුණුවක් නොමැති වීම නිසා එම සැලසුම ප‍්‍රමාද කෙරුණා.

කොළඹ සිට ගාල්ල දක්වා වු බස් රථ ගාස්තුව රුපියල් 375 ක් විය හැකි බව ජාතික ගමනා ගමන කොමිසන් සභාව පසුගිය දා ප‍්‍රකාශ කළා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.