විහාරාධිපති හිමිනමකගේ බැංකු ගිණුමෙන් මුදල් වංචා කළ පෙදරේරුවෙකු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝගය නිකුත් කළා. මෙලෙස සාවද්‍ය අයුරින් පරිහරණයට ලක්ව ඇත්තේ පානදුර හොරෙයිතුඩුව ගංගාරාමාධිපති වැලිගම අනුරුද්ධ හිමිපාණන්ගේ බැංකු ගිණුමක්.
එම විහාරස්ථානයේ අලූත්වැඩියා කටයුතුවලට එක්ව සිටි පෙදරේරුවෙකු උන්වහන්සේ සතු බැංකු චෙක්පොත සොරාගෙන සාවද්‍ය අත්සන් යොදා මුදල් ලබාගෙන තිබෙනවා. එම හිමියන්ගේ ගිනුම්වල තිබූ රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් සැකකරු වැල්ලවත්ත සහ පිළියන්දල ප‍්‍රදේශයේ බැංකු ශාඛා දෙකකින් ලබාගෙන ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.