තංගල්ල මැඩිල්ල ප‍්‍රදේශයේ සංචාරක නිකේතනයකදී බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්පකුමාර මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිඥවරයෙකු මාර්ගයෙන් ඊයේ රාත‍්‍රියේ ඔහු පොලීසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළා.
ඔහු සමග රියැදුරෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තිදෙනෙකු ලබන මස 6 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ තංගල්ල මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි. සියලූ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කෙරෙනවා. මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට ඊයේ නියෝග කළා. මෙම බි‍්‍රතාන්‍ය ජාතිකයා ඝාතනයට ලක් වූයේ පසුගිය 24 වැනිදා තංගල්ලේ හෝටලයක පැවැති සාදයක් අතරතුරේදීයි.
මේ අතර බි‍්‍රතාන්‍ය ජාතිකයාගේ ඝාතනයත් සමග සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑම් රැසක් එල්ල වී ඇති බව තංගල්ල සංචාරක හෝටල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.
ඇතැම් සංචාරකයන් නගරය හැර යමින් සිටින බවයි එම සංගමය සඳහන් කරන්නේ. තංගල්ල ප‍්‍රදේශයේදී සංචාරකයන් ඝාතනය කිරීම නතර කිරීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බව එම සංගමයේ සාමාජික රංජිත් මුතුමාල මහතා ප‍්‍රකාශ කළා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.