2012-01-26

මැගසින් ගැටුමේ විමර්ශන අවසන් කිරීමට සතියක කාලයක්


වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ පසුගියදා හටගත් ගැටුම්කාරී තත්වය පිළිබඳ විමර්ශන මුළුමනින් අවසන් කිරීමට සතියක පමණ කාලයක් ගත වනු ඇතැයි වාර්තා වනවා. කෙසේ වෙතත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ  සිද්ධිය පිළිබඳ මූලික විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි. එහිදී අනාවරණ කර ගත් කරුණුවලට අනුව සෙසු විමර්ශන දියත් කළ යුතුව ඇතැයි ඔහු කියා සිටියා.
එහෙත් මූලික විමර්ශනවලට අනුව සැකසූ සිද්ධිය පිළිබඳ ද්වීපුද්ගල කමිටු වාර්තාව හෙට වන විට නිකුත් කිරීම අපේක්ෂාව වී තිබෙනවා. මීට අදාළව කමිටු සාමාජිකයින් සහ බන්ධනාගාර උසස් නිලධාරින් හා අමාත්‍යංශ ලේකම්වරයා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. පරීක්ෂණ මුළුමනින්ම අවසන් කිරීමට පෙර සිද්ධියට මැදි වූ බන්ධනාගාර නිලධාරීන්ගෙන් මෙන්ම රැඳවූවන්ගෙන්ද ප‍්‍රශ්න කළ යුතු වනවා. මෙහිදී ගැටුම නිර්මාණය කිරීම සඳහා රැඳවූවන් පෙළඹ වූ බව කියන බන්ධනාගාර නිලධාරීන් පිළිබඳවද හෙළි කෙරෙනු ඇති.