2012-04-06

MV SUN SEA නැවෙන් සරණාගතයන් ඇද්ද සැකකරු අත්අඩංගුවට


 MV Sun Sea නෞකාවෙන් ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් කැනඩාවට රැගෙන ඒම සම්බන්ධව කටයුතු සංවිධානය කිරීමේ චෝදනා එල්ලව තිබෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2012 වසරේ දී ශ්‍රී ලාංකික ද්‍රවිඩ සරණාගතයින් 500 දෙනෙකු පමණ රැගත්  MV Sun Sea   නෞකාව කැනඩාවට ළඟාවී තිබිණි. 
එම කටයුතු සංවිධානය කළ බවට චෝදනා එල්ල වී තිබෙන සැකකරු වන දයාකරන් මර්කන්දු නැමති පුද්ගලයා ප්‍රංශයේ දී අත්අඩංගුවට පත්වූ බව රාජකීය කැනේඩියානු අශ්වාරෝහක පොලිසිය තහවුරු කර තිබෙනවා. සැකකරු මේ වනවිට ප්‍රංශ බලධාරීන් භාරයේ පසුවන බවත් ඔහු කැනඩාවට රැගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බවත් එම පොලිසිය සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙනවා.
අදාළ චෝදනාව සම්බන්ධව ශ්‍රී ලාංකිකයෙකු වන දයාකරන් මර්කන්දුට අමෙරිකානු ඩොලර් මිලියනයක දඩ මුදලක් සමග ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් නියම විය හැකි බව ද එම වාර්තා පවසනවා. 
සන් සී නෞකාවෙන් නීතිවිරෝධී අයුරින් පුද්ගලයින් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත රාජකීය කැනේඩියානු අශ්වාරෝහක පොලිසිය හා ජාත්‍යන්තර පොලිසිය විසින් පසුගිය මාසයේ සිට මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරනු ලැබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසනවා.







No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.