යුද හමුදාවෙන් පලාගොස් සිටින හමුදා සාමාජිකයන් විසිදහසකට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදා පොලිසිය දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කොට තිබේ.
යුද හමුදාවේ උසස් නිලධාරියකු පැවැසුවේ ඒ සඳහා දෛනිකව වාහන 40ක් පමණ යුද හමුදා පොලිසියට ලබා දී ඇති බවයි. ඇතැම් යුද හමුදා සාමාජිකයන් නිවාඩු ලබා ගෙන නිවෙස්වලට යෑමෙන් පසු නැවැත සේවයට වාර්තා නොකිරීම නිසා යුද හමුදාව අතහැර ගිය සංඛ්‍යාව අතරට එම පුද්ගලයන්ද එක්වී ඇති බවද එම නිලධාරියා සඳහන් කෙළේය. මේ සම්බන්ධයෙන් හමුදා ප්‍රකාශක බි්රගේඩියර් රුවන් වනිගසූරිය මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කෙළේ යුද හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා හමුදා සාමාජිකයන් පිළිබඳ කරුණු පරීක්ෂාකර අවශ්‍ය පුද්ගලයන් යුද හමුදා අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
පසුගිය 2012 ජුනි 1 වැනිදා සිට 2013 වසරේ මැයි 13 වැනිදා දක්වා කාලයේදී දිවයිනේ සිදුවූ මිනිස් ඝාතනවලට හමුදා සාමාජිකයන් 16 දෙනකු සම්බන්ධ වී ඇති බවත් ස්ත්‍රී දූෂණ පිළිබඳ සිද්ධීන්වලට 78 දෙනකුද කොල්ලකෑම් සඳහා හමුදා සාමාජියන් 52ක්ද සම්බන්ධ වී ඇති බව හෙළි වී තිබේ. එම කාලසීමාවේදී සිදුවූ අපරාධ, ස්ත්‍රී දූෂණ, කොල්ලකෑම්වලට සම්බන්ධ වී ඇත්තේ මුළු සංඛ්‍යාවෙන් සියයට 2ක් - 3ක් අතර සංඛ්‍යාවක් බවද බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවැසීය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.