2012-01-31

රජය මූල්‍ය අර්බුදයක - රනිල් කියයි


රජයේ මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් ඍජු ප‍්‍රකාශයක් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ විදේශීය  රටවලට රජය විශාල මුදලක් ණය වී ඇති බවයි. එහෙත් සත්‍ය වසන් කර ජනතාව මුලා කිරීමට රජය කටයුතු කරන බව ඔහු පැවසුවේ
හෝමාගම ප‍්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවැති ජනහමුවකට එක්වෙමින්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්ද රජය ණය ලබාගෙන ඇති බව ඔහු අනාවරණ කළා.
මේ අතර අරලියගහ මන්දිරයේ ඊයේ පැවැති මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ගේ රැස්වීමේදී අදහස් දැක් වූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ විදේශීය රටවලින් ණය මෙන්ම ආධාරද ලබා ගන්නා බවයි. පසුගිය වසරේදී චීනය ශී‍්‍ර ලංකාවට වැඩිම ආධාර ලබාදුන් විදේශීය රට වනවා. නෙළුම් පොකුණ රඟහල, කිරිබත්ගොඩ - කඩවත ප‍්‍රධාන මාර්ගය චීන ආධාර යටතේ ඉදිකළ ව්‍යපෘති වනවා. ඉන්දියාවද ශී‍්‍ර ලංකාවට ණය සහ ආධාර ලබාදී ඇති බවයි ඔහු අනාවරණ කළේ. අමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර බිල්පත් වැඩි වශයෙන් අලෙවි කර ඇත්තේ චීනයට බව අමාත්‍යවරයා කියා සිටියා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂ ද සිල්වා මහතා පසුගියදා එල්ල කළ චෝදනාවකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවා.