2012-01-31

රජරට වෙද සිසුන්ගේ කාලය කෙටි වේ


වසර 02 කට ආසන්න කාලයක් සඳහා පන්ති තහනමකට ලක්වු රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යයින් 06 දෙනාගේ පන්ති තහනම මාස 03 ක් දක්වා අඩු කිරිමට තීරණය කර තිබෙනවා. විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වු පාලනාධිකාරිය මෙම තීරණය ගනු ලැබුවා. විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වෛද්‍ය පීඨයට පැමිණි අවස්ථාවේදී
ඔහු නිවාස අඩස්සියේ තබා ගැනීම සිසුන්ට එල්ල වී ඇති චෝදනාවයි. නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් පන්ති තහනමකට ලක්වු එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ දෙවැනි වසර ශිෂ්‍යයින් 06 දෙනාගේ පන්ති තහනම අදින් අවසන් වනවා. සිසුන්ට පනවා තිබු පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය පීඨයේ සිසුන් පන්ති වර්ජනයක ද නිරතව සිටියා.