2012-01-21

පොලිස් ලොක්කන් පිරිසකට මාරු


මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකුට සහ තවත් පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට ස්ථාන මාරු ලබාදී තිබෙනවා. එලෙස ස්ථාන මාරුවක් ලද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වන්නේ පී.එම්.එම්.එස්. දෙහිදෙණිය මහතායි. පෑලියගොඩ පොලිස් ස්ථානයේ සේවය කළ ඒ මහතා කොල්ලූපිටිය පොලීසියේ ස්ථානාධිපති ලෙස මාරුකර තිබෙනවා.
පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස පත්කරනු ලැබ ඇත්තේ කොල්ලූපිටිය පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ පී.ටී. සිසිර මහතායි. ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස සේවය කළ වී.එම්.එන්. පෙරේරා මහතා අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස පත් කර තිබෙනවා. ඉන් පුරප්පාඩු වූ ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසයේ ස්ථානාධිපති තනතුරට පත්කර ඇත්තේ සුබසාධන කොට්ඨාසයේ ස්ථානාධිපති වූ පී.කේ. අබේනායක මහතායි.
මීට දින කිහිපයකට ඉහතදීද පොලිස් ස්ථානාධිපතිවරුන් 17 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරු ලබාදුන්නා. පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ සේවා අවශ්‍යතා මත එම ස්ථාන මාරු ලබාදුන් බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.