2012-01-21

නැවත ලියාපදිංචි කරන්න


පාසල් ළමයින් ප‍්‍රවාහනය කරන සෑම වාහනයක්ම නැවත ලියාපදිංචි කරන්නැයි කොළඹ රථ වාහන පොලිස් මූලස්ථානය රටපුරා සියලූ පොලිස් කොට්ඨාසවලට ඊයේ දැනුම් දුන්නා. එම වාහනවල ප‍්‍රමිතිය සහ රියදුරන්ගේ ප‍්‍රවීණතාව පිළිබඳ දත්ත රැස්කරන ලෙසද ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සපයන ලෙසද පොලිස් කොට්ඨාසවලට උපදෙස් දී තිබෙනවා.

පාසල් ළමයින් ප‍්‍රවාහනය කරන වාහන ධාවනය වන අවස්ථාවන්හිද පරීක්ෂා කිරීමට නියමිතයි. ලියාපදිංචි කිරීමෙන් තොරව ධාවනය කෙරෙන වාහන හඳුනා ගැනීම එහි අපේක්ෂාව වනවා.
පාසල් ළමයින් ප‍්‍රවාහනය කරන වාහන සහ ඒවායේ රියදුරන් සම්බන්ධයෙන් මෙවැනි විමසිලිමත් වීමක් සිදු වූයේ ගල්කිස්සේ ඉකුත්දා සිදු වූ අනතුරක් සමගයි. පාසල් ළමයින් ප‍්‍රවාහනය කරන වෑන් රථයක් බස් රථයක ගැටීමෙන් සිදු වූ එම අනතුරෙන් පාසල් ළමයින් 9 දෙනෙකු තුවාල ලැබුවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.