මහරගම පිළිකා රෝහල අවට ජීවත් වන ජනතාවට පිළිකා රෝගය වැළඳීමේ අවදානම පිළිබඳ යළි පර්යේෂණයක් පැවැත්වීමට පරමාණු ශක්ති අධිකාරිය සූදානම් වනවා. එහි සභාපති ආචාර්ය රංජිත් විජේවර්ධන මහතා ප‍්‍රකාශ කළේ ලබන අඟහරුවාදා එය සිදුකරන බවයි. පිළිකා රෝහල අවට ප‍්‍රදේශයේ පස් සහ ජල සාම්පල මෙහිදී පරීක්ෂාවට ලක්කෙරෙනවා.
මෙවැනි පර්යේෂණයක් මීට පෙර සිදුකෙරුණේ මාස 08 කට පමණ පෙරයි. පිළිකා රෝහල නිසා කිසිදු බලපෑමක් අවට පදිංචිකරුවන්ට නොමැති බව එහි දී හෙළි වුණා. වර්තමානයේ දී යළි පිළිකා රෝහල අවට ප‍්‍රදේශවාසීන් මේ පිළිබඳ අවදානය යොමු කිරීම නිසා මෙවැනි පර්යේෂණයක් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. රෝහලේ භාවිත කෙරෙන විකිරණ ද්‍රව්‍ය හේතුවෙන් අවට පදිංචිකරුවන්ට විවිධ බලපෑම් එල්ල වී ඇති බව පසුගිය දා අනාවරණ කෙරුණා.2012-01-15
පිලිකා අවදානම ගැන මහරගම අවට තවත් පර්යේෂණයක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.