2012-01-26

කි‍්‍රකට් වෙනස් කිරීම්වලට අර්ජුන දෙහි කපයි


ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් කේෂ්ත‍්‍රයේ සිදු කෙරෙන වෙනස් කිරීම් ගැටලූකාරී බව හිටපු කි‍්‍රකට් නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අර්ජුන රණතුංග මහතා පවසනවා. ඔහු කියා සිටියේ කණ්ඩායමේ නායකත්වය අතුරු කමිටුව මෙන්ම ජාතික කණ්ඩායමේ පුහුණුකාර ධුරය යන ස්ථරවල වෙනස් කිරීම් සිදු කිරීම සැබෑ ගැටලූවලට විසඳුමක් නොවන බවයි. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ග‍්‍රැහැම් ෆෝර්ඞ් පත්කර තිබෙනවා.
ඒ පිළිබඳ ඒ සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
දේශපාලනයේ බලපෑම් හේතුවෙන් කි‍්‍රකට් ආයතනයේ කටයුතු අකර්මන්‍ය වීමෙන් කී‍්‍රඩකයින්ට වූ බලපෑම මෙහිදී නොසලකා හැර ඇතැයි  රණතුංග මහතා චෝදනා කළා. ඔහු කියා සිටියේ කි‍්‍රකට් පරිපාලනයේ අයාලේ යාම තුළ කී‍්‍රඩකයින්ගේ විනයද ගිලිහුණු බවයි. මේ සියල්ල ශී‍්‍ර ලංකා කණ්ඩායම ලැබූ අඛණ්ඩ පරාජයන්ට හේතුවක් වූ බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.