2012-01-29

තරුණ සංවිධාන ශක්තිමත් විය යුතුයි


එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කිරීමට නම් තරුණ සංවිධාන ශක්තිමත් කිරීම ප‍්‍රමුඛ අවශ්‍යතාවක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඒ සඳහා ඉදිරි මාස 06 තුළ දිවයින පුරා යොවුන් පෙරමුණ ශාඛා සමිති පිහිටුවන බවයි ඔහු ප‍්‍රකාශ කළේ. රත්නපුර එරත්න ප‍්‍රදේශයේ යොවුන් පෙරමුණ පළමු ශාඛාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළා.

මේ අතර පක්ෂයේ පවතින ගැටළු ඉදිරි මාස කිහිපය තුළ අවසන් වනු ඇතැයි රුවන් විජේවර්ධන මහතා පෙන්වා දෙනවා. ගැටළු නිමාවුවහොත් ආණ්ඩුවේ අමාත්‍යවරුන් ගණනාවක් එක්සත් ජාතික පක්ෂයට එක්වන බව ද ඔහු ප‍්‍රකාශ කළා.