2012-01-25

දුම්රියටත් ආරක්ෂක කැමරා


රටපුරා ප‍්‍රධාන දුම්රිය ස්ථානවල ආරක්‍ෂක කැමරා සවි කිරීමට ප‍්‍රවාහන අමාත්‍යංශය සුදානම් වනවා. පළමු අදියර ලෙස කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථානවල එම කැමරා සවි කිරීමට නියමිතයි. මගින් දුම්රිය ස්ථානයට පිවිසීම ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීම සහ පිරිස දුම්රිය ස්ථානයේ ගැවසිම වැනි සියලූ දෑ ඒවායෙන් නිරික්‍ෂණය කෙරෙණු ඇති. මගීන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමත් දුම්රිය සේවකයින්ගේ රාජකාරි පහසු කිරිමත් ඉන් අපේක්‍ෂා කෙරෙනවා.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව මීට ඉහත දී තිරණය කළේ දුම්රිය ස්ථානවල සහ දුම්රියවල සිඟමන් යැදීම සහ වෙළෙඳාම් කිරීම තහනම් කිරීමටයි. මගීන්ගේ ආරක්‍ෂාව සහ පහසුව වෙනුවෙන් එම තීරණය ගත් බව ද දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.එහෙත් එම තීරණය ප‍්‍රකාශයකට පමණක් සීමා වී ඇති බවයි නෙත් ඬේ ටයිම් නිවුස් නිරික්‍ෂණය වන්නේ. දුම්රිය ස්ථානවල සහ දුම්රියන් හි සිඟමන් යැදීම සහ වෙළෙඳාම් කිරීම තවමත් සිදු කෙරෙනවා.