2012-01-21

පොරොන්දු වූ සංවර්ධනය කෝ? ආණ්ඩුවට පුංචි ආණ්ඩුවෙන් අභියෝගයක්



ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාරය ඉදිකිරීමේ දී පොරොන්දු වූ සංවර්ධන කටයුතු මෙතෙක් ඉටුකර නොමැති බවට තලවාකැලේ ලිඳුල නගර සභාව චෝදනා කරනවා. එහි සභාපති අශෝක සේපාල මහතා ප‍්‍රකාශ කළේ අවතැන් වූවන් සඳහා නිවාස 297 ක් ඉදිකළ ද මෙතෙක් ඔප්පු ලැබී නොමැති බවයි. පොදු පහසුකම් ද ලැබී නොමැති බවට ඔහු චෝදනා කළා.
නගර සභාවට ආදායම් ලැබූ ස්ථාන රැසක් ව්‍යපෘතිය හේතුවෙන් අහිමිවූ බව ද සභාපතිවරයා පවසනවා. පොරොන්දු ඉටුකරන ලෙස ඉල්ලා සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවද ඒවා ඵලරහිත වූ බවයි ඔහු අවධාරණය කර සිටියේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.