මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෑතකදී ලද පත්වීම සම්බන්ධයෙන් බලපෑම් කිරීමට ජගත් මහලේකම්වරයාට නොහැකි බව ජගත් සංවිධානය පවසනවා. ජගත් සංවිධානයේ සාමසාධක හමුදාවන් හි ජ්‍යෙෂ්ඨ උපදේශක මණ්ඩල සාමාජිකයෙකු ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා ඉකුත්දා පත්වීම් ලැබුවා. මේ පිළිබඳ මාධ්‍යවේදීන් ජගත් මහලේකම් බැන් කී මූන් මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශක මාර්ටින් නෙසර්කි මහතාගෙන් ජගත් සංවිධාන දෛනික මාධ්‍ය හමුවේදී ප‍්‍රශ්න කර තිබෙනවා.
එහිදී මාර්ටින් නෙසර්කි මහතා පැවසුවේ එම ජ්‍යෙෂ්ඨ උපදේශක මණ්ඩලයට පත් කිරීම් සිදුවන ආකාරයන් 3ක් පවතින බවයි. ජගත් සංවිධානයට මූල්‍යාධාර සපයන රටවලින් සාමාජිකයින් පස්දෙනෙකු පත් කෙරෙනවා. තවත් පස්දෙනෙකු පත් කෙරෙන්නේ සාමසාධක කටයුතු සඳහා භට පිරිස් සපයන රටවලින්. එම උපදේශකයින් පත් කිරීම පිළිබඳ යළි විමසීමට ජගත් මහලේකම්වරයාට බලතල හිමි වනවා. එහෙත් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇත්තේ කලාපීය පදනම යටතේ ආසියානු සාමාජික රටවල් විසින්. එය ප‍්‍රශ්න කිරීමට ජගත් මහලේකම්වරයාට දැන් හැකියාවක් නොමැත්තා සේම ඉදිරියේදීද හැකියාවක් නොමැතිවනු ඇති බවයි මාර්ටින් නෙසර්කි මහතා ප‍්‍රකාශ කර ඇත්තේ.2012-01-31
Tags