අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශන වාර්තාව ලබන සතිය වන ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි වාර්තා වනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ එය සකස් කිරීම අවසන් අදියරේ පවතින බවයි. අමාත්‍යවරයා මෙන්ම කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ආණ්ඩුපක්ෂ මන්ති‍්‍රවරුන්ද ති‍්‍රපුද්ගල චෝදනා විමර්ශන කමිටුව වෙත කැඳවනු ලැබුවා.
ඔවුන් ලබාදුන් ප‍්‍රකාශ සහ චෝදනා මේ වන විට සමාලෝචනය කෙරෙමින් පවතිනවා. ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ සභිකයින්ට එරෙහිව මර්වින් සිල්වා මහතාගේ පාර්ශ්වය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කළා. මේ අතර අමාත්‍යවරයාට එරෙහිව ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් පැමිණිල්ලක් ඉදිරිපත් කළේ පොලිස්පතිවරයාටයි. ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ වී ඇති බව පොලිස්පතිවරයා මෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමද තහවුරු කර තිබෙනවා. එම පරීක්ෂණවලදී අනාවරණ කරුණුද අදාළ පරීක්ෂණ වාර්තාවට ඇතුළත් කෙරෙනු ඇති. මර්වින් සිල්වා මහතාට එරෙහි විනය චෝදනා පරීක්ෂා කරන්නේ ති‍්‍රපුද්ගල කමිටුවක් විසින්. සුසිල් පේ‍්‍රමජයන්ත, මෛතී‍්‍රපාල සිරිසේන සහ ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන් එහි සාමාජිකයින් වනවා.