2012-01-24

ති‍්‍රරෝද රථවලට වෙනම නීතියක්


පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වාහන සඳහා පූර්ණ රක්ෂණාවරණයක් තිබිය යුතු බව පොලීසිය පවසනවා. 3 වැනි ශ්‍රේණියේ රක්ෂණ සහතික ඇති වාහනවලට පාසල් ළමුන් ප‍්‍රවාහනය කළ නොහැකි බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියේ සියලූම පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වාහන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්ද කි‍්‍රයාත්මක බවයි.

පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන ති‍්‍රරෝද රථ සඳහාද ඉදිරියේදී නීතිරීති ගෙන ඒමට කටයුතු කරන බව ඔහු අනාවරණ කළා.