2012-01-15

පෞද්ගලික සමාගමකට දුන්නාට විරෝධය

දැයට කිරුළ ප‍්‍රදර්ශනය සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප‍්‍රදර්ශන කුටිය ඉදිකිරීමේ වගකීම පෞද්ගලික සමාගමකට පවරා දීම පිළිබඳව වෘත්තීය සංගම් විරෝධය පළ කරනවා. ටෙන්ඩර් කැඳවා මෙම ප‍්‍රදර්ශන කුටිය ඉදිකිරීම සඳහා ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂ 60 කටයි.
එම මුදලට වඩා අඩු මුදල් මත ටෙන්ඩර් පත් යොමු කළ පුද්ගලයන්ට ප‍්‍රදර්ශන කුටි ඉදිකිරීමේ අවස්ථාව අහිමිව ගියා. ඛනිජ තෙල් නීතිගත සංස්ථා වෘත්තීය සංගම් කියාසිටියේ අදාළ සමාගමට ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තුව ලබාදීමේ තීරණය පිටුපස අමාත්‍යංශයේ ලේකම්වරයෙකු ද සිටින බවයි. ඊට හේතුවී ඇත්තේ එම ලේකම්වරයාගේ ඥාතියෙකු මෙම සමාගම සමඟ සමීප සබඳතා පැවැත්වීම බවයි ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති කියා සිටියේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.