2012-01-25

පෞද්ගලික බස් අනිද්දා සිට දක්ෂිණ අධිවේගය ආක්‍රමණය කරයි


දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් ධාවනය අනිද්දා (ජනවාරි 28) සිට ආරම්භ කරන බව පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. එහි ප්‍රකාශකයකු පැවසුවේ පෙරවරු 9ට කොට්ටාව ප්‍රධාන බස් නැවතුම් පොළෙන් ධාවන කටයුතු ආරම්භ කරන බවයි.
ටෙන්ඩර්පත් කැඳවීමෙන්  ධාවනය සඳහා යෝග්‍ය බස් රථ තෝරා ගැනුණා. ආසන 42ක් සහිත බස් රථ ඒ සඳහා තෝරා ගත් බවයි පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රකාශකයා අනාවරණ කළේ.