පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගන්නැයි අධිකරණය විසින් නියෝග කර දින 30 ක් ද ඉක්ම ගොස් තිබුණත් ඒ මහතා තවමත් නිදැල්ලේ සිටින්නේ මන්දැයි ප‍්‍රශ්න කෙරෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ද ඝාතනය කෙරුණු මුල්ලේරියාව වෙඩි තැබීම සම්බන්ධයෙන් නඩුව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද කැඳවු අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය විසිනුයි එම ප‍්‍රශ්න කිරිම කෙරුණේ.
සියලූ විමර්ශන අවසන් කර ඇතැයි ද පිටු 2597 කින් යුත් විමර්ශන වාර්තාව නීතිපතිවරයාට භාර දී ඇතැයි ද අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. එම වාර්තාව අධ්‍යයනය කිරීමට නීතිපතිවරයාට කල් අවශ්‍ය බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීම තව දුරටත් ප‍්‍රමාද වන්නේ ඒ නිසා බව ද ප‍්‍රකාශ කෙරුණා.
මේ අතර මුල්ලේරියාව වෙඩි තැබීම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් ගණන 16 ක්. ලබන මස 13 වැනිදා දක්වා ඔවුන් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
Source : nethfm.com
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.