2012-02-29

මට සනීපයි... ළඟදිම එනවා


ඕස්ට්‍රේලියානු හෝටලයක ඉහළ මාලයේ බැල්කනියක සිට පහළට වැටීම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කෙරුණු ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සිදුකෙරෙන ශල්‍යකර්ම සියල්ල මේ වනවිට සිදුකර අවසන් යයි ඒ මහතා පසවසයි. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඇල්කටොට් ඇල්ෆඩ් රෝහලේ සිට "රිච්මන් එච්බර්ඩ්" රෝහල කරා සාමාන්‍ය ප්‍රතිකාර සඳහා ඇමැතිවරයා යොමුකර ඇත.
විශේෂඥ වෛද්‍යවරුන් හත්දෙනෙකුගෙන් සමන්විත විශේෂ වෛද්‍ය කණ්ඩායමක් අමාත්‍යවරයාට ප්‍රතිකාර කරනු ලබන අතර අමාත්‍යවරයා ඔස්ට්‍රේලියානු එච්බර්ඩ් රෝහල කරා යොමු කිරීමෙන් පසු දෙපා ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමේ ප්‍රතිකාර එහිදී සිදු කිරීමට නියමිතය. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ එම ප්‍රතිකාර ලැබීමෙන් පසු තමාට කඩිනමින් මවුබිමට පැමිණිය හැකි යැයි අමාත්‍යවරයා කීය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.