ඉකුත්දා කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ඇති වු නොසන්සුන්තාවයෙන් සිදුවු අලාභය මෙතෙක් සම්පූර්ණයෙන් ඇස්තමේන්තු කර නැතැයි කොළඹ අපරාධ කොට්ඨාශය කොළඹ මහේස්ත්රාත් අධිකරණයට අද දැනුම් දුන්නා. දැනට කර ඇති ඇස්තමේන්තුවට අනුව සිදුවු අලාභය රුපියල් 46, 87,300 ක්.
සැකකරුවන් 46 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සියලූ දෙනා ලබන මස 13 වැනිදා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රහර්ෂා රණසිංහ මහත්මිය නියෝග කළේ. තවත් සැකකරුවන් 13 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසනවා.2012-02-28
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.