ඇඳුම්, පෙම්වතුන් ඇසුරු කිරීමල සමාජ ආශ‍්‍රය හා අන්තර්ජාලයේ සැරිසැරීම වැනි කරුණු සම්බන්ධව පවුලේ නීතිරීති කඩකර පවුලට අගෞරව කළේ යැයි තරුණ දියණියන් තිදෙනෙකු මරාදැමූ දෙමාපිය යුවලක් පිළිබඳව කැනඩාවෙන් වාර්තා වේ. මේ සඳහා වරදකරුවන් බවට පත් වූ ඇෆ්ගන් ජාතිකයෙකු වන මොහොමඞ් ශාෆියා (58), ඔහුගේ බිරිඳ වන ටූබා යාහ්යා (42) හා ඔවුන්ගේ පුතු වන හමෙඩ් (21) ය.
කැනඩාවේ ඔන්ටාරියෝ හි අධිකරණයක් විසින් මොවුන්ව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දී ඇත.
වසර 2009දී නයගරා දිය ඇල්ල නරඹා ආපසු එමින් සිටියදී මෙම ඝාතන සිදුව ඇති බවත් මෙම තරුණ සොයුරියන් ගේ සිරුරු සහිත දියේ ගිලූනු මෝටර් රථය ඔන්ටාරියෝ හි කිංග්ස්ටන් ප‍්‍රදේශයේ ඇළකින් සොයාගෙන ඇති බවත් විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ. මෙම මළසිරුරු අතර තවත් කාන්තාවකගේ මළසිරුරක් හමුවී ඇති අතරල එය මොහොමඞ් ශාෆියා ගේ පළමු බිරිඳ බවත් හෙළි වී ඇත. ඇයට දරුවන් නොලැබුනු හෙයින් ඔහු දෙවැනි විවාහයක් සිදුකරගෙන ඇත.
මෙම සිදුවීම රිය අනතුරක් බවට පෙන්වීමට උත්සහ ගෙන තිබුනද රියදුරු අසුනේ කිසිවෙකු සිට නැති බවත් මියගිය කතුන් තිදෙනෙකුගේ ගෙල පිටුපස තැල්මක සලකුණු දක්නට ලැබෙන බවත් පරීක්‍ෂණවලින් හෙළි වී තිබුණි.