විවිධ අවශ්‍යතා වෙනුවෙන් ඉන්දියාවට පැමිණෙන ශී‍්‍ර ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මහත්මියගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ශී‍්‍ර ලංකාවේ සාමාන්‍ය පුරවැසියන් මෙන්ම අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ ඥාතීන්ද අවස්ථා කිහිපයකදී තමිල්නාඩු ප‍්‍රාන්තයේදී පහරදීම්වලට ලක් වූ බවයි.
ඌව පළාත් සභාවේ අමාත්‍යවරයෙකු වන සන්දිල් තොණ්ඩමන් මහතා සහ ජල සම්පාදන හා ජලාපවාහන නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර නඬේෂන් මහතාද එලෙස පහරදීමට ලක් වුණා. නඬේෂන් මහතාට පහරදීමේ හේතුව කිසිසේත් අවබෝධ කර ගත නොහැකි බවයි විදෙස් මාධ්‍ය ආයතනවල ශී‍්‍ර ලංකා නියෝජිතයන් සමග ඊයේ පැවැත් වූ සාකච්ඡුාවකදී ජනාධිපතිවරයා පැවසුවේ. නඬේෂන් මහතා උතුරේ වැසියෙකු බවත් හින්දු භක්තිකයෙකු බවත් සිහිපත් කෙරුණා. තමිල්නාඩු ප‍්‍රාන්තයේ ඇතැම් වෙළෙඳසැල්වලින් ශී‍්‍ර ලංකාවේ නිෂ්පාදන ඉවත්කර ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. ශී‍්‍ර ලංකාවට එරෙහි එවැනි අකටයුතුකම් නවත්වාලීමට මැදිහත්වන්නැයිද ජනාධිපතිවරයා ජයලලිතා ජයරාම් මහත්මියගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර තිරුකුමාර් නඬේෂන් මහතාට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනුනු බවයි චෙන්නායිහි ශී‍්‍ර ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් පී. කි‍්‍රෂ්ණ මූර්ති මහතා පැවසුවේ.
ඉන්දීය නීතිය යටතේ ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි ඉදිරි විමර්ශන සිදු කෙරෙන බවද නෙත් ඬේ ටයිම් නිවුස් කළ විමසීමකදී පී. කි‍්‍රෂ්ණ මූර්ති මහතා පැවසුවා. කෙසේ වෙතත් සන්දිල් තොණ්ඩමන් මහතාට පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ. තමිල්නාඩු පොලීසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පී. කි‍්‍රෂ්ණ මූර්ති මහතා පැවසුවා.