2012-02-13

කැලණිය පුංචි ආණ්ඩුවේ අය අද විනය කමිටුව හමුවට


කැළණිය ප‍්‍රාදේශිය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවිර මහතා ඇතුළු එම ප‍්‍රාදේශීය සභාවේ පාලක පක්‍ෂයේ මන්ත‍්‍රී වරුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විනය මණ්ඩලය හමුවේ අද සිට කරුණු දැක්වීමට සුදානම් වනවා. ඒ, කැළණිය ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිවයි.
ලබන 16 වැනිදින දක්වා මන්ත‍්‍රීවරුන්ගෙන් කරුණු විමසීමට විනය මණ්ඩලය තීරණය කර තිබෙනවා. මීට පෙර අමාත්‍ය මර්වින් සිල්වා මහතා අවස්ථා 02 ක දි විනය මණ්ඩලය හමුවේ පෙනී සිටියා. අමාත්‍යවරයා මන්ත‍්‍රීවරුන්ට එරෙහිව ලිපි ගොනු 09 ක් විනය මණ්ඩලයට භාරදී තිබෙනවා. එම ලිපි ගොනු වල ඇති චෝදනා සම්බන්ධයෙන් ද මන්ත‍්‍රීවරුන්ගෙන් කරුණු විමසීමට නියමිතයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.