2012-02-16

ධීවරයන්ට වෙඩි තැබුවේ හමුදාව - ජන අරගලයෙන් චෝදනා


හලාවත ප‍්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වූ ධිවරයින්ට වෙඩි තබා ඇත්තේ පොලිසිය නොව ශ‍්‍රී ලංකා යුධ හමුදාව බව ජන අරගල ව්‍යාපාරය පවසනවා. එහි මෙහෙයුම් සම්බන්ධිකාරක දුමින්ද නාගමුව මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප‍්‍රකාශ කළා.

ජනඅරගල ව්‍යාපාරය නගන මෙම චෝදනාව පිළිබඳ නෙත් ප‍්‍රවෘත්ති හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් නිහාල් හපුආරච්චි මහතාගෙන් විමසුවා. ඔහු පැවසුවේ එම චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි. ඝාතනය සිදුවන අවස්ථාවේ හමුදාව එහි නොසිටි බව ද ඔහු කියා සිටියා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.