ඉන්ධන මිල පහත හෙලන ලෙස ඉල්ලා අද දිනයේත් විරෝධතා මෙන්ම මාධ්‍ය හමු ද පැවැත්වුණා. ලංකා මීටර් ටැක්සි සේවා සංගමය කොළඹ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ අද මධ්‍යම රාත‍්‍රීයේ සිට මීටර් ටැක්සි සඳහා අය කරන ගාස්තුව ඉහල නංවන බවයි. පළමු කිලෝ මීටරය සඳහා අය කෙරෙන රුපියල් 50 ගාස්තුව වැඩි වන්නේ නැහැ.
එහෙත් පළමු කිලෝ මීටරයෙන් පසු කිලෝ මීටරයක් සඳහා අය කරන ගාස්තුව රුපියල් 32 දක්වා වැඩි කරන බව සංගමයේ ප‍්‍රධාන ලේකම් ලාල් කාලිංග මහතා සඳහන් කළා. මේ අතර සමස්ථ ලංකා ත‍්‍රිරෝද රථ රියදුරයන්ගේ වෘත්තිය සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේ ත‍්‍රිරෝද නවතා තැබීම සඳහා පැයකට අය කළ ගාස්තුව රුපියල් 120 කින් ඉහල නැංවු බවයි.
පාසල් සිසුන් ප‍්‍රවාහනය කරන රථ වාහනවලට ද ඉන්ධන සහානාධාරයක් ලබා දෙන ලෙස ලංකා ගුරු සේවා සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එහි ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ ඉන්ධන මිල ඉහල යාම නිසා දරුවන් සිටින දෙමව්පියන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවයි.
හලාවත ප‍්‍රදේශයේ දී ධිවරයෙකු ඝාතනය කිරීම හෙලා දකිමින් කල්පිටිය සහ පාලවිය ප‍්‍රදේශයේ ධිවරයින් අද විරෝධතාවයක නිරත වුණා. කිතුනු පූජකවරුන් එහිදී විශේෂ පුජාවක් ද පැවැත්වුවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.