විදෙස් රැකවරණ ලබා ගැනිම සඳහා යුධ හමුදාව අපකීර්තියට පත් කරන ව්‍යාජ ලේඛන අලෙවි කල පුද්ගලයින් දෙදෙනකු වව්නියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් වව්නියාව දකුණ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවකයින්. පොලිසිය පැවසුවේ යුධ හමුදාවේ ලිපි ශිර්ෂ යටතේ මුද්‍රා තැබු ලිපි මොවුන් විසින් අලෙවි කර ඇති බවයි. ප‍්‍රශ්න කිරීම් සඳහා යුධ හමුදා කඳවුරු වෙත පැමිණෙන ලෙස දන්වමින් විදෙස් ගතව සිටින ද්‍රවිඩ පුද්ගලයින් නමට මේවා සකස් කර තිබෙනවා.
විදෙස් රැකවරණ ලබා සිටින අය එය දීර්ඝ කර ගැනීම සඳහා මෙම ලිපි භාවිත කරන බවයි පොලිසිය පැවසුවේ. තමන් කඳවුරු වෙත කැඳවා ඇති බවත් එහිදී හිරිහැර සිදුවන බවත් මෙම ලිපි මිලදී ගන්නා පුද්ගලයින් තමන් රැකවරණය ලබන රටට දැනුම් දෙනවා. මෙවැනි ව්‍යාජ ලේඛන කිහිපයක් මෙන්ම රබර් මුද්‍රාවක් ද සැකකරුවන් සතුව තිබු හමුවුණා. ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත් කිරිම සහ කූඨ ලේඛන සකස් කිරිමට අදාලව මොවුන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැණෙනු ඇති.2012-02-29
යුද හමුදාවට අපකීර්තියක් අත් කිරීම් තැත්කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.