2012-02-29

ඝාතකයින් අල්ලන්න - කහවත්ත ප්‍රාදේශීය සභාව ඒකමතිකව කියයි


කහවත්ත ද්විත්ව ඝාතනයට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි කහවත්ත ප‍්‍රාදේශිය සභාව අද ඒකමතිකව පොලිසියෙන් ඉල්ලීමක් කළා. එහි මාසික රැස්වීම අද පැවැත්වුණු අතර ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ සාමාජිකයින් ද අවධාරණය කළේ ප‍්‍රදේශවාසින්ගේ භිතීය තුරන් කිරිම සඳහා පොලිසිය කඩිනම් ක‍්‍රියාමාර්ග ගත යුතු බවයි.
සැකකරුවන්ගේ තරාතිරම කුමක් වුවද ඔවුන් අත්අඩංගුවට ගැනීමේ බාධාවක් තිබිය නොහැකි බව එහි සභාපති වජිර දර්ශන මහතා මෙහිදී අවධාරණය කර සිටියා. ඝාතන සිදුවිමෙන් පසු වෙළෙඳසැල් වසා සුදු කොඩි දැමීමට ප‍්‍රදේශවාසීන් කි‍්‍රයා නොකිරීම කණගාටුදායක බවයි විපක්‍ෂ නායක ශාන්ත ගුරුගේ මහතා කියා සිටියේ. ප‍්‍රදේශවාසීන් ඝාතකයින් සොයා ගන්නැයි බල කරමින් උද්ඝෝෂණයක නිරත වීමට ගත් උත්සහය පොලිසිය විසින් වැලැක්වුයේ දින 03 ක් ඇතුලත සැකකරුවන් කොටු කර ගන්නා බව පවසමින්. එහෙත් එය තවමත් සිදුවි නැතැයි ද අද මාසික සභාවාරයේදී සිහිපත් කෙරුණා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.