පාසල් ක‍්‍රිකට් තරග සමයේ සිසුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් දෙමව්පියන් ඇතුළු වැඩිහිටියන් දැඩි අවධානය යොමු කළ යුතු බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ නීති විරෝධි හැසිරීම් හේතුවෙන් මෙම සිසුන්ට විවිධ දුක් ගැහැටවලට මුහුණ දීමට සිදුවීම ඊට හේතුව බවයි. බාලිකා පාසල් අසල ගැවසෙමින් ඒවාට නීති විරෝධිව ඇතුළුවීමට තැත්කළ
කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් 43 දෙනෙකු අද පොලිස් අත්අඩංගුවට ගැනුණා. මෙහෙයුම දියත් කළේ කුරුඳුවත්ත සහ කොල්ලූපිටිය පොලිස් ස්ථානයන් හී නිලධාරීන්. මෙම සිසුන් සම්බන්ධයෙන් වැඩිදුර නීති ක‍්‍රියාමාර්ග වෙත යොමු නොවුන ද ඉදිරියේදි එවැන්නක් සිදුවිය හැකි බවටයි අජිත් රෝහණ මහතා අනතුරු ඇගවුයේ.අද අත්අඩංගුවට ගැනුණු සිසුන් දෙමව්පියන් ගෙන්වා අවවාද කිරිමෙන් පසු මුදා හරින බවද ප‍්‍රකාශ කෙරුණා.2012-02-29
බාලිකාවන්ට හිරිහැර කළ රාජකීය දරුවෝ 43ක් පොලිස් අත්අඩංගුවට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.