සිමෙන්ති මිල ඉහළ දමන ලෙස ඉල්ලා අයදුම්පතක් ඉදිරිපත් වී ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ රුපියල් 75.00 කින් සිමෙන්ති මිල ඉහල නංවන ලෙස ඉල්ලා එම අයදුම්පත ඉදිරිපත්ව ඇති බවයි. සිමෙන්ති කොට්ටයක පාලන මිල වන්නේ රුපියල් 750.00 ක්.
මිල ඉහල නැංවිමක් සිදුකළ හොත් සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 825.00ක් දක්වා ඉහළ යනවා. නැව් ගාස්තු ඉහල යාම නිසා සිමෙන්ති මිල වැඩි කිරීමට සිදුව ඇතැයි සිමෙන්ති නිෂ්පාදන සමාගම් පවසනවා.
මේ අතර සිමෙන්ති මිල ඉදිරි සතිය තුළ ඉහල දැමීමට සිදුවන බව ජාතික සමූපකාර මණ්ඩලය ද පවසනවා. එහි සභාපති බන්දු රණවක මහතා ප‍්‍රකාශ කළේ රුපියල් 05 ත් 10 ත් අතර මුදලකින් මිල වැඩි කිරීමට සිදුවන බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.