2012-02-15

හලාවත පරීක්ෂණ සී.අයි.ඩි.යට

හලාවත ප‍්‍රදේශයේදී ධිවරයෙකු ඝාතනයට ලක්වීම සහ ඇති වු නොසන්සුන්කාරී වතාවරණය පිළිබඳ පරික්‍ෂණ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට පැවරු බව පොලිස් මූලස්ථානය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ හලාවත ප‍්‍රදේශයේ පැවති නොසන්සුන් තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බවයි. ඉන්ධන මිල අඩු කරන ලෙස ඉල්ලා ධිවරයින් විසින් පැවැත්වු උද්ඝෝෂණයක් පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ වෙඩි ප‍්‍රහාර එල්ල කර තිබෙනවා.
මෙහිදී ධිවරයෙකු ජිවිතක්‍ෂයට පත්වු අතර තුවාල ලැබුවන් තිදෙනකු දැනට කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. හලාවත නගරයට මුහුදුබඩ ප‍්‍රදේශයෙන් පිවිසෙන සියලූ මාර්ග වසා දමා තිබෙනවා. එම මාර්ගවලට පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ යුධ හමුදාවේ ආරක්‍ෂාව යොදවා ඇතැයි නෙත් වාර්තාකරු ප‍්‍රකාශ කළා. හලාවත රෝහලට ද යුධ හමුදා ආරක්‍ෂාව සපයා තිබෙනවා. ඇති වු නොසන්සුන්කාරී වතාවරණයේ දී ධීවරයින් විසින් මාධ්‍යවේදියෙකුට ද පහර දුන්නා. මේ වන විට හලාවත ප‍්‍රදේශයට අතිරේක පොලිස් බලඇණි ද යොමු කර තිබෙනවා. ඇති වු නොසන්සුන්කාරී වතාවරණයේ දී මිය ගිය ධිවරයා වෙනුවෙන් පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් ලක්‍ෂ 05 ක මුදලක් පිරිනැමීමට ද තීරණය කෙරුණා.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.