2012-02-24

මාතලේ කළු දිය වළකින් නිරුවත් කාන්තා මළ සිරුරක්


ප්ලාස්ටික් දැල් ආවරණයකින් තදට ඔතා සීල් කරන ලද නිරුවත් තරුණියකගේ මළ සිරුරක් පසුගියදා මාතලේ බණ්ඩාරපොළ පාරේ පිහිටි කළුදිය වළක තිබියදී සොයා ගැනුණා. මෙම අසාමාන්‍ය මළ සිරුර හමුවූ පසු ප‍්‍රදේශවාසීන් විසින් එහි දැල කඩා දමන්නට උත්සාහ කළත් එය සාර්ථකවී නැහැ. තදට සිරුර දැලට ඔතා තිබූ බවත් සිරුර ජලයෙන් මතුවීම වළක්වන්නට එම දැල කිසියම් බර ඇති දෙයක ගැට ගසා වළට දමන්නට ඇති බවටත් සැක කෙරෙනවා.
කෙසේ වෙතත් කිසියම් හේතුවක් නිසා සිරුර ඉන් ගිලිහී වළ මතු පිටට පැමිණෙන්නට ඇති බවයි  ප්‍රදේශවාසීන් පවසන්නේ. තරුණිය වයස 20-25 අතර කෙනෙකු බවටත් ඇගේ සිරුර මුළුමණින්ම නිරුවත්ව තිබුණ බවටත් වාර්තා වුණා. ඇය දූෂණය කර ඝාතනයට ලක්වන්නට ඇති බවට පොලිසිය සැක කරන අතර මාතලේ පොලිසියේ අපරාධ අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.