2012-02-24

තනි පුද්ගල හෙලිකොප්ටරයක් නිපදවේ


තනි ආසනයක් මැදි කර ගත් අවර පෙති 16කින් බල ගැන්වෙන අපූරු තනි පුද්ගල හෙළිකොප්ටරයක් නිපදවීමට ජර්මානු ඉංජිනේරුවන් පිරිසක් සමත්ව තිබෙනවා. ඔවුන් පවසන්නේ තනි පුද්ගල ගුවන් ගමන්වල අනාගතය මෙය විය හැකි බවයි.
හොපරයක් මත තැපූ කාර්යාල ආසනයක් මත නැගී කුඩා අවර පෙතිවලින් බලය ගෙන තම කාර්යාලය තුළ ගමන් කිරීමට හැකි වන දිනය වැඩි ඈතක නොවන බව මෙහි නිෂ්පාදකයින් පවසනවා.
තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම යානයෙන් මෙතෙක් ගුවනේ රැඳී සිටි උපරිම කාලය තත්පර 30ක් පමණක් වුවත්, වඩා කාර්යයක්ෂම ඉන්ධන හා දියුණු තාක්ෂණයක් භාවිත කිරීමෙන් එම කාලය බොහෝ සෙයින් වැඩි කර ගත හැකි වනු ඇති බවද නිෂ්පාදකයින් පවසනවා. එමෙන්ම මෙම යානයට කිසිදු ආකාරයකින් සුක්කානමක් සවි කර නැති අතර නියමිත ස්ථානය කරා නිවැරදිව ගමන් කිරීමට මෙම යානයට හැකියාව ඇත.









No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.