2012-02-26

එජාපයේ විදෙස් වැඩ ප්‍රංශයෙන් ඇරඹේ


විදේශගත ශ්‍රී ලාංකිකයන් ලක්ෂයකට එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය පිරිනැමීමේ වැඩසටහන අද (26)  ප්‍රංශයේ පැරිස් නුවරින් ආරම්භ වනවා. එක්සත් ජාතික පක්ෂයේ පැරිස් සංවිධානය මේ වෙනුවෙන් සංවිධානය කරන ජන හමුවක් පැරිසියේදී අද පැවැත්වෙන අතර ඒ සදහා එක්සත්  ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා සහ ඔහුගේ බිරිද වන දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී අනෝමා ගමගේ මහත්මිය සහභාගී වීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙකු සහභාගිවන ජන හමුවක් ප්‍රංශයේදී පැවැත්වෙන්නේ වසර ගණනාවකට පසුව බව එජාප පැරිස් සංවිධානයේ සභාපති අජන්ත කල්දේරා මහතා පවසනවා. දැනටමත් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ඉල්ලුම් කර ඇති බව ද ඔහු කියා සිටිනවා
මෙම ජනහමුවට සමගාමීව ලොතරැයි දිනුම් ඇදීමක්ද සිදු කෙරෙන අතර පැරිස් සංවිධානය දායකත්වය සපයන ළමා සංවර්ධන අරමුදලට ආධාර පිණිස මෙය කියාත්මක කෙරෙනවා. එමගින් වැලිකන්ද ප්‍රදේශයේ පහ වසර ශිෂත්වය සමත් සිසුන් සදහා ශිත්ෂත්ව පිරිනමන බවත් කල්දේරා මහතා පවසන්නේ.
මේ අතර ශ්‍රිලංකාවේ වත්මන් අර්බුදකාරිත්වය ගැන ප්‍රංශයේ දේශපාලන පක්ෂ සංවිධාන බහුජන සංවිධාන නියෝජිතයන් මෙන්ම දෙමල සංවිධාන ප්‍රධානීන්ද හමු වී සාකච්ඡා කිරීමට දයා ගමගේ මහතා මෙම සංචාරයේදී අපේක්ෂා කරන බව කල්දේරා මහතා වැඩිදුරටත් කියා සිටියා.
Source: srilankamirror.com

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.