ශ්‍රී ලංකාව පිළිබඳ ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව තවමත් පවතින්නේ සාකච්ඡා මට්ටමේ බව අමෙරිකාව පවසනවා. දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා මේ බව කියා සිටියා. ඒ ට්විටර් සමාජ වෙබ් අඩවිය ඔස්සේ තමන්ට ඉදිරිපත් වු පැනයකට පිළිතුරු සපයමින්.
උගත් පාඩම් සහ ප්රතිසන්ධාන කොමිසමේ වාර්තාව මගින් ද ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. එය ඔස්සේ ද ශ්‍රී ලංකාවට ගැටළු නිරාකරණය කර ගැනීමේ කදිම අවස්ථාවක් උදාවී ඇති බවයි සහකාර රාජ්‍ය ලේකම්වරයා පැවසුවේ.

මේ අතර මෙම මොහොතෙදී ඉන්දියාව ශ්‍රී ලංකාවට සහය දැක්විය යුතු නැතැයි තමිල්නාඩුවේ හිටපු මහඇමති මුතුවෙල් කරුණානිධි මහතා පවසනවා. ලක් රජය විසින් එවැනි වැරදි සිදුකර ඇත්නම් ඔවුන් ඊට මුහුණ දිය යුතු බවයි නිවේදනයක් නිකුත් කරමින් කරුණානිධි ප්‍රකාශ කර ඇත්තේ. ඉන්දියාව මෙැවනි යෝජනාවක් ඉදිරිපත් වුවහොත් තමන්ට සහය දෙන බවට සහතික වුයේ යැයි ජිනිවා හී සිටින ශ්‍රී ලංකා දූත පිරිස ප්‍රකාශ කළා. තමිල්නාඩුවේ එල්.ටී.ටී.ඊ හිතවාදීන් වන වයිකෝ සහ එස්.රාම් දෝස් යන දේශපාලන පක්ෂ නායකයින් මේ පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් කරුණු විමසා ලිපි යොමු කර තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.