2012-02-15

හලාවත ධීවර උද්ඝෝෂණයේ සිදු වූ වෙඩි තැබීමකින් අයෙක් මරුට


නොසන්සුන්වූ හලාවත නගරයේ විරෝධතාවය අතරතුරදී සිදුවූ කිසියම් වෙඩිතැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. ඉන්ධන මිල ඉහළයාමට විරෝධය දක්වමින් දහස් ගණනක ජනකායක් මේ මොහොතේ විරෝධතාවයේ නිරතවන බවත් පිරිස් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග බලවත් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් බවත් වාර්තාකරු පැවසුවා.
මෙම විරෝධතාවය අතරතුරදී කිසියම් වෙඩිතැබීමක් සිදුව ඇති අතර එයින් තුවාල ලැබූ කිහිපදෙනකු හලාවත රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
පසුව අනාවරණය වූයේ රෝහල්ගත කරන විටත් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.