2012-03-15

කහවත්ත ද්විත්ව ඝාතනයට සැකපිට ගොඩකවෙල ප්‍රා.ස. මන්ත්‍රී අත්අඩංගුවට


ගොඩකවෙල ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී L.H. ධර්මසිරි මහතා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණා. ඒ කහවත්ත ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් සැකපිටයි. ඔහු රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය W.D.J. සෙනෙවිරත්න මහතාගේ හිටපු සම්බන්ධිකරණ ලේකම්වරයෙකුගේ සහෝදරයෙකු වනවා.

ද්විත්ව ඝාතනයට අනුබල ලබාදීම, සාක්ෂි වසන් කිරීම  ඇතුළු චෝදනා 03 ක් යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ද්විත්ව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දැනට සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසනවා.
කඩුවෙල රණාලේ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු වූ ඔහුගේ සහෝදරයෙක්ද ඔහුගේ බිරියද ති‍්‍රරෝද රියැදුරෙක්ද දැනට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.