2012-03-16

තායි කතක් ඉස්සූ තුන් රෝද රියැදුරු අත්අඩංගුවට


තායිලන්ත ජාතික කාන්තාවක බලහත්කාරයෙන් පැහැරගෙනයාමට උත්සාහ කළ ත‍්‍රී රෝද රථ රියදුරෙකු ලබන මාර්තු මස 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කළා. තායි කාන්තාව විසින් පිටකොටුව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කර තිබෙනවා.
 මෙසේ අත්අඩංගුවට පත්වූයේ කැලණියේ පදිංචි ජෙ.ආර්. නිශාන්ත නමැති සැකකරුවෙක්.
සැකකාර ත‍්‍රීරෝද රථ රියදුරා ඉකුත් මාර්තු 14 වැනිදා රාත‍්‍රීයේ තම ත‍්‍රීරෝද රථයෙන් අදාළ කාන්තාව කොල්ලූපිටියේ සිට වරාය දක්වා ගමන් කරමින් සිටින අතරතුර පැහැරගැනීමට උත්සාහ කළ බවට තායි කත පැමිණිලිකර තිබුණා. එම අවස්ථාවේදී තායිලන්ත ජාතික කාන්තාව ත‍්‍රීරෝද රථ රියදුරුගේ ගෙල පෙදෙස මිරිකමින් ත‍්‍රීරෝද රථයෙන් බැසගන්නට උත්සාහ දරමින් සිටියදී රියදුරුට තම රථය පාලනය කරගත නොහැකිව නැවතී ඇති බව පොලීසිය අධිකරණයට දන්වා ඇත.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.