තම පක්ෂය විසින් මෙවර මැයි දින රැළිය යාපනයේදී පැවැත්වීමට කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි විරෝධය පළ කරනවා. ඔහු එලෙස විරෝධය පළ කර ඇත්තේ පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිරිකොත මන්දිරයේදී පැවැති රැස්වීමකදීයි.
මෙවර මැයි දිනය යාපනයේදී පැවැත්වීමට දැනටමත් තීරණය කර තිබෙන අතර එහි සංවිධාන කටයුතු වෙනුවෙන් මෙම රැස්වීම සංවිධාන කර තිබුණා. එහිදී සජිත් ප්‍රේමදාස මහතා දැඩි ලෙස කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය වෙනමම මැයි දින රැළියක් කොළඹදී පැවැත්විය යුතු බවයි. එසේ නොවන්නේ නම් තමා මැයි දින රැළියට සහභාගි නොවී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණානුස්මරණ උත්සවයට සහභාගි වන බව පවසමින් අදාළ රැස්වීමෙන් නැගිට ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් මැයි දින රැළිය යාපනයේ පැවැත්වීමට පක්ෂය අවසන් තීරණයක් ගෙන ඇති බවත් කුමන තත්ත්වයක් යටතේ වුවද යාපනයේ ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය පවත්වන බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.