2012-03-07

රුහුණු කුමාරි නර බිල්ලක් ගනියි


කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රුහුණු කුමාරි දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. ගල්කිස්සට ආසන්න ස්ථානයක දී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසන්නේ. එසේ වුවද මෙලෙස මිය ගොස් ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත. මිය ගිය පුද්ගලයා අවුරුදු 22ට ආසන්න වයසේ පසුවන බවට පොලිසිය සැක පළකරයි. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන ‍පවත්වයි.

වාරියපොළ - හලාවත ප්‍රධාන මාර්ගයේ මල්වාන ප්‍රදේශයේ තිබී සැකකටයුතු ලෙස මිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. ප්‍රදේශයේ සැරිසැරූ යාචකයෙකු ලෙසට ඔහු හඳුනාගෙන ඇති බව වාරියපොල පොලිසිය පවසන්නේ. මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.  මරණය සැකකටයුතු බැවින් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන බව වාරියපොල පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ අතර අරලගංවිල ල දළුකාන ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව ඇතැයි වාර්තා වනවා. අසල්වැසි නිවසකට වල් අලියෙකු පැමිණීම සම්බන්ධයෙන් සොයා බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේ අදාළ පුද්ගලයා මෙම පහරදීමට ලක්ව ඇති බව පොලිසිය පවසයි. පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි. මිය ගොස් ඇත්තේ දළුකාන ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි. 
තංගල්ල ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට ප්‍රදේශ‍යේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලීසිය පවසනවා. ත්‍රී රෝද රථයක් සහ කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ. අනතුරින් තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියදුරු මොණරාගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.
මිය ගොස් ඇත්තේ බෙලිඅත්ත, ගැටමාන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගැණුනා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.