හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම කතානායකවරයෙකු වූ අනුර බණ්ඩාරනායක මහතාගේ බූදල් නඩුවේ මුලින්ම සාක්ෂි ලබා දෙන්නේ ඔහුගේ සහෝදරියන් දෙදෙනා ද නොඑසේ නම් මැදිහත් පාර්ශ්වය ද යන්න පිළිබඳව තින්දුව ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය කල් තබා තිබේ. අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය අදාළ තීන්දුව ලබා දීම අප්‍රේල් මස 19 වැනිදා දක්වා කල් දමා ඇති බව සඳහන්වේ.
අනුර බණ්ඩාරනායක මහතාගේ අන්තිම කැමති පත්‍රය අනුව ඔහුගේ බූදලයේ වටිනාකම රුපියල් එක්කෝටි දස ලක්ෂයක් බව ගණන් බලා තිබේ. අන්තිම කැමති පත්‍රය අනුව මෙම බූදලය පැවරීමට පියවර ගන්නා ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක යන අය මුලින්ම අධිකරණය හමුවේ ඉල්ලීමක් කර ඇත. පසුව තවත් පාර්ශවකරුවන් සිව් දෙනෙකු ද ඉදිරිපත් වී බූදලය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබේ.
Source : Adaderana.lk
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.