2012-03-07

බටහිර රටවල්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති උවමනාව තමාරා ලුණු ඇඹුල් ඇතිව පහදයි


බටහිර රාජ්‍යන්ට උවමනා වී ඇත්තේ ශ‍්‍රී ලංකාව් පාලනය වෙනස් කිරීම බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව අමතමින් ශ‍්‍රී ලංකා නියෝජිතවරිය වන තමාරා කුනනායගම් මහත්මිය පවසා තිබේ. ‘මෙය තමා ඔවුන්ගේ සැබෑම පරමාර්ථයග ජීනිවා වලදී මා හට මුණ ගැසුණු තානාපතිවරුන් බොහෝ දෙනෙක් පැවසුවේද මෙයයිග මෙය බරපතල කරුණක් බව තේරුමි ගතයුතුයි.’ යනුවෙන් ඇය සදහන් කරයි.
එසේම ඔවුන් පසුගිය වසර 10 ක් පුරාවටම ඔවුන් පෙන්වා දෙන්නට උත්සහ කල සංකල්පය වූයේ රජයකට තම පුරවැසියන් ආරක්ෂා කර ගැනීමට අසමත් විටක බාහිර හමුදා මැදිහත් වීමක් හරහා එම ආරක්ෂාව සැපයිම සිදු විය යුතු බව යැයි ඇය පෙන්වා දෙයි.
එසේම තව දුරටත් අදහස් දක්වමින් ඇය විසින් පෙන්වා දි ඇත්තේ බටහිර විසින් ලිබියාව සිරියාව ඉරාකය වැනි දේශපාලන මැදිහත්වීම් සාධාරණීකරනය කිරිමට මෙන්ම එය නීත්‍යානුකූල බවට පත්කිරිමට කිරිමට උත්සහ දරන බවයි. මෙයට ප‍්‍රතිචාර දක්වමින් බි‍්‍රතාන්‍ය විදේශ අමාත්‍යවරයා විසින් පවසා ඇත්තේ ශී‍්‍ර ලංකාව යනු අසාර්ථක, ත‍්‍රස්තවාදී මැර රාජ්‍යයක් බවයි. මෙම වචන තුලින් බටහිර රටවල් ශ‍්‍රී ලංකාවට මැදිහත්වීම සාධාරණිකරණය කිරිමට ඔවුන් උත්සහ දරන බවත් ඇය විසින් පෙන්වා දි ඇත.
මේ සම්බන්ධව මානව හිමිකම් පිලිබද මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ  විසින් පෙන්වා දී ඇත්තේ මෙවන් බරපතල කරුනකදි අනෙක් ජාතීන්ට වරදක් සිදුනොවන ආකාරයට කථා කිරිමට වග බලා ගත යුතු බවත්ය. එසේම ශ‍්‍රි ලංකාව යම් හෙයකින් උගත් පාඩම් කොමිසන් සභාවේ නිර්දේශයන්ද කි‍්‍රියාවට නැංවිමට අසමත් වූවහොත් එක්සත් ජාතීන්ගේ සංගමයෙන් ප‍්‍රතික්ෂේප විය හැකි බවත් පෙන්වා දි ඇත.
උපුටා ගැනීම - ලංකාසීනිව්ස්.කොම්

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.