හඟුරන්කෙත දෙවැනි කැලණියක් කරන බව මධ්‍යම පළාත් සභාවේ සභාපති සාලිය බණ්ඩාර දිසානායක මහතා පවසනවා. හඟුරන්කෙත ප්‍රාදේශීය සභාපතිවරයාට පහරදීම සම්බන්ධයෙන් සාලිය දිසානායක මහතා සඳහන් කර ඇත්තේ අදාළ සභාපතිවරයාගේ කණ ආදරේට අතගානවිට වේගය වැඩිවුණා මිස පහරදීමක් සිදුනොවූ බවයි.
සාලිය බණ්ඩාර දිසානායක මහතා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ සොහොයුරාය.
මේ අතර එම සිද්ධියට අදාලව පේරාදෙණිය රෝහල් පොලීසියද තමාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවත් පහර කෑමට ලක්වූ තවත් පුද්ගලයෙකු තමන් සමඟ පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පහරදීමෙන් පසු දැනට පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සඳහන් කරයි.
තමාට පහරදීමට පැමිණි නිල් පැහැති පැජරෝ රථයේ අංකයද පොලීසියට දන්වා ඇති බවද පවසන හඟුරන්කෙත ප්‍රාදේශීය සභා සභාපතිවරයා එම සැකකරුවන් ප්‍රදේශය මගහැර ගොස් ඇති බව හඟුරන්කෙත පොලීසිය තමාට දන්වා ඇතැයිද සඳහන් කරයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.